
මෙරට බැංකු කටයුතු සහ තහනම් මූල්ය යෝජනා ක්රම සම්බන්ධයෙන් රාජ්ය නිලධාරීන් දැනුවත් කිරීමට මහබැංකුව වැඩපිලිවෙලක් සංවිධානය කොට තිබෙනවා.
තහනම් මූල්ය යෝජනා පිළිබඳ පවතින නොදැනුවත්භාවය හේතුවෙන් වැඩි වශයෙන් නීති විරෝධී ව්යාපාරවලට හසුවීම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්රියාත්මක බව සඳහන්.
කනිෂ්ඨ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා රාජ්ය නිලධාරීන් දැනුවත් කිරීම මෙමගින් සිදු කෙරෙනවා.
දිස්ත්රික්ක මට්ටමින් මෙම වැඩසටහන ක්රියාත්ම කිරීමටයි මහ බැංකුව කටයුතු සංවිධානය කොට ඇත්තේ.