Wednesday, March 15, 2017

අලුත් කාසිවල මෝස්තරයේ සහ ප්‍රමාණයේ වෙනසක්

නව ලෝහ භාවිත කරමින් රුපියලේ සහ රුපියල් පහේ කාසි සංසරණයට නිකුත් කළත් 2005 වසරේ සිට නිකුත් කළ කාසියේ ප්‍රමාණය සහ මෝස්තර ඇතුලූ අනෙකුත් ලක්ෂණ කිසිවක් වෙනස් නොවන බව මහ බැංකුව ප්‍රකාශ කළා.


මහ බැංකුව නිවේදනය කළේ ඒ අනුව පිත්තල ආලේපිත රන් පැහැ මිශ්‍ර ලෝහවලින් සැකසූ රුපියලේ සහ රුපියල් පහේ කාසිවල ලෝහ වර්ගය පමණක් වෙනස් කර මළ නොබැදෙන වානේවලින් සැකසූ රිදී පැහැති කාසි ඒ වෙනුවට නිකුත් කරන බවයි.

කෙසේ වෙතත් රුපියල් පහේ කාසියේ දාරයේ පැවති අක්ෂර පමණක් නව කාසියෙන් ඉවත් කර තිබෙනවා.

-හිරු

මුතු විවාහ වුණේ නැතිලු

අතිශය සුන්දර සිනාවකින් නිතරම කල් ගෙවන ජනප්‍රිය නිළි මුතු තරංගා අවුරුදු නමයක ප්‍රේමයකින් රහසේම විවාහ වෙලා කියලා තමයි පසුගිය දවස්වල ප්‍රචාරය වුණේ.

මේ ආරංචිය නිසා මුතුට හිතවත් බොහොමයක් කලාකරුවන්ගේ හිත නම් හොඳටම රිදිලා කියලා තමයි ආරංචි වුණේ. ඒ මුතුගේ මේ අමුතු රහස් විවාහය නිසයි.



නමුත් මේ විවාහ ඡායාරූප ගැන ඇය තම ෆේස්බුක් ගිණුමේ මේ විදහට සටහන් කරලා තිබුණා. එම සටහන සහ අදාළ මංගල ඡායාරූප පෙළ පහතින් දැක්වේ.

_සාරවිට