Wednesday, March 15, 2017

අලුත් කාසිවල මෝස්තරයේ සහ ප්‍රමාණයේ වෙනසක්

නව ලෝහ භාවිත කරමින් රුපියලේ සහ රුපියල් පහේ කාසි සංසරණයට නිකුත් කළත් 2005 වසරේ සිට නිකුත් කළ කාසියේ ප්‍රමාණය සහ මෝස්තර ඇතුලූ අනෙකුත් ලක්ෂණ කිසිවක් වෙනස් නොවන බව මහ බැංකුව ප්‍රකාශ කළා.


මහ බැංකුව නිවේදනය කළේ ඒ අනුව පිත්තල ආලේපිත රන් පැහැ මිශ්‍ර ලෝහවලින් සැකසූ රුපියලේ සහ රුපියල් පහේ කාසිවල ලෝහ වර්ගය පමණක් වෙනස් කර මළ නොබැදෙන වානේවලින් සැකසූ රිදී පැහැති කාසි ඒ වෙනුවට නිකුත් කරන බවයි.

කෙසේ වෙතත් රුපියල් පහේ කාසියේ දාරයේ පැවති අක්ෂර පමණක් නව කාසියෙන් ඉවත් කර තිබෙනවා.

-හිරු

Share this

0 Comment to "අලුත් කාසිවල මෝස්තරයේ සහ ප්‍රමාණයේ වෙනසක්"

Post a Comment