Monday, January 16, 2017

තෙන්ඩුල්කාර්ගේ වාර්තාවක් කෝලි සම කරයි



ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි, සචින් තෙන්ඩුල්කාර් තැබූ වාර්තාව සම කිරීමට සමත්ව තිබෙනවා.

ඒ, එක්දින තරඟ ඉතිහාසයේ දෙවන ඉණිම්වල දී වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙසයි.

එංගලන්තයට එරෙහිව ඉන්දියාවේ පූනේහි පැවති තරඟයේ දී ශතකයක් වාර්තා කරමින් කෝලි එම වාර්තාවට හිමිකම් කීවා.



ඒ අනුව මේ වනවිට මෙම ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනාම එම වාර්තාවේ සම තැන් ගෙන ඇත්තේ ශතක 17 බැගින් රැස් කර ගනිමින්.

එම සටහනේ තුන්වන ස්ථාන හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්.

ඔහු දෙවන ඉණිම් 11 ක දී ශතක වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

Share this

0 Comment to "තෙන්ඩුල්කාර්ගේ වාර්තාවක් කෝලි සම කරයි"

Post a Comment