Thursday, August 3, 2017

කොරියාව සමග සාකච්ජාවට අමෙරිකානු රාජ්‍ය ලේකම් සැරසෙයි

rex-tillerson

උතුරු කොරියාව සමග සාකච්ජා කිරීමට සූදානම් බව, අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් විලර්සන් පවසනවා.

එය එරට පාලන තන්ත්‍රයට කිසිඳු බලපෑමක් සිදු නොකරන්නක් බවයි, ඔහු කියා සිටින්නේ. උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන එබඳු ඕනෑම සාකච්ජාවකට මාතෘකා විය යුතු බව, රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කරනවා.

අමෙරිකාවෙන් ලැබෙන ආරක්ෂාව පිළිබඳ සහතිකය පදනම්ව උතුරු කොරියාව තම න්‍යෂ්ටික අවි අත්හැරිය යුතු බව ද රාජ්‍ය ලේකම්වරයා කියා සිටිනවා.

උතුරු කොරියාව මෑතකදී සිදු කළ අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිල අත්හදා බැලීමත් සමග කොරියානු අර්ධද්වීපය තුළ උණුසුම් වාතාවරණයක් උද්ගත වුණා. (රූපවාහිනි)

Share this

0 Comment to "කොරියාව සමග සාකච්ජාවට අමෙරිකානු රාජ්‍ය ලේකම් සැරසෙයි"

Post a Comment