Thursday, May 25, 2017

තායිවානයේ සමලිංගිකයෝ පෝරුවට සමීප වෙති

Taiwan gay marriage-02සමලිංගික විවාහය නීතිගත කිරීමට මග පාදමින් නව නීති සම්පාදනය වියයුතු බවට තායිවානයේ ඉහළම අධිකරණය තීරණය කරයි.

එම තීරණයට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වුවහොත් සමලිංගික විවාහය නීතියෙන් පිළිගන්නා ප්‍රථම ආසියානු රට වශයෙන් තායිවානය ඉතිහාසගත වනු ඇත.

තායිවානයේ ඉහළම විනිසුරු මඬුල්ල තීරණය කළේ සමලිංගික විවාහය වළක්වාලන, තායිවානයේ දැනට පවතින නීතිය මගින් සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය වන බැවින් එය ව්‍යවස්ථා විරෝධී බවය.

එබැවින් නව නීති සම්මත කිරීමට හෝ පවතින නීති සංශෝධනය කිරීම සඳහා තායිවාන රජයට දෙවසරක කාලයක් ලබා දී තිබේ.


කෙසේ නමුත් මෙම අධිකරණ තීරණය අනුව නව නීති සම්පාදනයට හෝ පවතින නීති වෙනස් කිරීම සඳහා තායිවානයේ පාර්ලිමේන්තුව කෙතරම් දුරට ක්‍රියාත්මක වේද යන්න තවමත් පැහැදිලි නැති බව එරට දේශපාලන විශ්ලේෂිකා සින්ඩි සුයි පවසන්නීය.

සමලිංගික විවාහය නීතිගත කිරීමට එරෙහිව තායිවානයේ ආගමික කණ්ඩායම් විරෝධය පළ කරති.

වසර දෙකක් ඇතුළත නව නීති සංශෝධනය නිම කිරීමට පාර්ලිමේන්තුව අපොහොසත් වුවහොත් අධිකරණ තීරණය පාදකකර ගනිමින්, විවාහවීමට කැමති සමලිංගිකයන්ට තම විවාහය සඳහා ලියාපදිංචි වීමට අයිතියක් ඇති බව තායිවාන අධිකරණය පවසයි.

තායිවාන අධිකරණය මෙම තීරණයට එළැඹියේ, කලාපය තුළ සිටින සමලිංගික ප්‍රජාවට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක වෙමින් තිබියදී ය.
දඬුවම්

පසුගිය දා ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේදී සමලිංගිකව එක්වූ තරුණයන් දෙදෙනෙකුට වේවැල් පහර 85 බැගින් වූ දඬුවමක් ප්‍රසිද්ධියේ ලබා දෙන ලදී.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ අනෙකුත් ප්‍රාන්තවල සමලිංගිකත්වය නීතියෙන් තහනම් කර නොමැති නමුත් අචේ ප්‍රාන්තය තුළ පමණක් ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අවසරය ලබාදී තිබේ.

එමෙන්ම ඩකා අගනුවර ප්‍රජා මධ්‍යස්ථානයක රැස්ව සිටි සමරිසි පුරුෂයන් (gay men) විසිහත් දෙනෙකු බංග්ලාදේශ් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ද පසුගිය දා වාර්තා විය.

අසල්වාසීන් විසින් දෙන ලද ඔත්තුවක් අනුව ප්‍රජා මධ්‍යස්ථානය වටකරමින් එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව එරට පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය. (බීබීසී )

GMOA FB Post - 2017-07-03-11-22-22

Wednesday, March 15, 2017

අලුත් කාසිවල මෝස්තරයේ සහ ප්‍රමාණයේ වෙනසක්

නව ලෝහ භාවිත කරමින් රුපියලේ සහ රුපියල් පහේ කාසි සංසරණයට නිකුත් කළත් 2005 වසරේ සිට නිකුත් කළ කාසියේ ප්‍රමාණය සහ මෝස්තර ඇතුලූ අනෙකුත් ලක්ෂණ කිසිවක් වෙනස් නොවන බව මහ බැංකුව ප්‍රකාශ කළා.


මහ බැංකුව නිවේදනය කළේ ඒ අනුව පිත්තල ආලේපිත රන් පැහැ මිශ්‍ර ලෝහවලින් සැකසූ රුපියලේ සහ රුපියල් පහේ කාසිවල ලෝහ වර්ගය පමණක් වෙනස් කර මළ නොබැදෙන වානේවලින් සැකසූ රිදී පැහැති කාසි ඒ වෙනුවට නිකුත් කරන බවයි.

කෙසේ වෙතත් රුපියල් පහේ කාසියේ දාරයේ පැවති අක්ෂර පමණක් නව කාසියෙන් ඉවත් කර තිබෙනවා.

-හිරු

මුතු විවාහ වුණේ නැතිලු

අතිශය සුන්දර සිනාවකින් නිතරම කල් ගෙවන ජනප්‍රිය නිළි මුතු තරංගා අවුරුදු නමයක ප්‍රේමයකින් රහසේම විවාහ වෙලා කියලා තමයි පසුගිය දවස්වල ප්‍රචාරය වුණේ.

මේ ආරංචිය නිසා මුතුට හිතවත් බොහොමයක් කලාකරුවන්ගේ හිත නම් හොඳටම රිදිලා කියලා තමයි ආරංචි වුණේ. ඒ මුතුගේ මේ අමුතු රහස් විවාහය නිසයි.



නමුත් මේ විවාහ ඡායාරූප ගැන ඇය තම ෆේස්බුක් ගිණුමේ මේ විදහට සටහන් කරලා තිබුණා. එම සටහන සහ අදාළ මංගල ඡායාරූප පෙළ පහතින් දැක්වේ.

_සාරවිට

Monday, January 16, 2017

අන්න බලන් සඳ

lady nude video secretlyඅන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා.

අන්න බලන් ඉදිකට ලඟ කොක්කු රෑන වගේ ඇවිත් පුංචි එවුන් නුඹ එන කං පාර බලන්නේ.

හීන් සරේ ගිහිං උංට එකතු වෙයන්නේ.

ඕමාන දේශයේ පළමු ‍පොලිස් ස්ථානාධිපතිනිය



අරාබි රටක කාන්තාවන් කී සැනින් අපට සිහියට එන්නේ ෆර්දාවෙන් මුළු සිරුරම වසාගත්, නිවසටම සීමාවූ කාන්තා ප්‍රතිරූපයක්. මේ රටවල කාන්තාවන්ට කරන්නට ලැබෙනුයේ ඉතා සීමිත රැකියාවන් පමණයි.

එවන් පසුබිමකදී කාන්තාවක් අරාබි රටක ‍පොලිස් ස්ථානාධිපතිනියක් වීම ඇත්තටම විශ්වාස කරන්න අමාරු තරමේ පුවතක්.

ඒත් 2017 වසර උදාවූයේ එවැනි පුදුම සහගත පුවතක් ලෝකයේ අවධානයට යොමුකරවමින්. ඒ පුවත වාර්තා වූයේ ඕමාන් දේශයෙන්.



ඒ ඕමාන ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තාවක් එරට ‍පොලිස් දෙපාර්තමේන්තුවේ ‍පොලිස් ස්ථානාධිපතිනියක ලෙස පත්වීමයි.

2017-01-01 දින සිදුවූ මෙම පත්වීම මගින් ලුතිනන් කර්නල් ශයිඛා බින්ට් ඈෂ්හෝර් අල් හම්බාසියාන් ‍පොලිස් ස්ථානාධිපතිනියක ලෙස පත්ව තිබෙනවා.

ඇය පත්ව තිබෙනුයේ එරට අල්වත්යා ‍පොලිස් වසමේ ස්ථානාධිපතිනිය ලෙසය. මේ නව පත්වීම පිළිබඳ සතුටට පත්ව සිටිනා ශයිඛා පවසනුයේ මෙය ඕමාන ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් බවයි.

“ලෝකයේ අමාරුම දේ මවකවී දරුවෙකු බිහිකිරීමයි. එය කළ හැකි කාන්තාවට කළ නොහැකි කුමක්දැයි?” ඇය ප්‍රශ්න කරනවා.

1990 වසරේදී නවක නිලධාරිනියක ලෙස ඕමාන ‍පොලීසියට බැඳෙන ශයිඛා සිය කැපවීම නිසාම වෘත්තියේ ඉහළටම පැමිණි බව ඇගේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පවසනවා.

2011 වසරේ එරට මිලිටරි ‍පොලීසියේ කාන්තා ඒකකයේ ප්‍රධානී ලෙස පත්වූ ශයිඛා ඉතා කෙටිකලක් තුළ දෙපාර්තමේන්තුවේ ජනප්‍රිය චරිතයක් වුණා.

විවාහක කාන්තාවක් වන ඇය දෙදරු මවකද වෙනවා. “මගේ රැකියාවට මම ආදරෙයි. ඒත් දරුවන්ට සැමියාට ඊට වඩා ආදරෙයි. දෙපැත්තම සමබරව ගෙනයන්න මට පුළුවන්.” ඇය මාධ්‍යයට පවසා තිබුණා.

ඇයගේ නව රැකියා ස්ථානය වන අල්වත්යා පිහිටා තිබෙනුයේ මස්කට් අගනුවර නිසා එය ඉතා කාර්යබහුල බව වාර්තා වෙනවා.

“මගේ අලුත් රැකියාව කාර්යබහුලයි. ඒත් මගේ සැමියා සහ පවු‍ලේ අය ඒක දන්නවා. අපේ වැඩකටයුතුවලට ගැටලුවක් නොවන ලෙස එය කරගන්න අපි තීරණය කළා...” යැයිද ඇය පවසනවා.

මේ අසීරු ඉලක්කය තමාට භාරදීම පිළිබඳ ඕමාන ‍පොලිස් දෙපාර්තමේන්තුවට තමා ස්තූති කරන බවත් තමුන් පිළිබඳ තිබූ විශ්වාසය එලෙසම සුරකින බවත් ලුතිනන් කර්නල් ශයිඛා බින්ට් පවසා තිබෙනවා.

තරූෂ ප්‍රනාන්දු_ලක්බිම

ලොතරැයි අලෙවිය ඇනහිටී

ලොතරැයි අලෙවිකරුවන් 33,000ක් අද දිනයේ ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමයේ ලේකම් බී.එස්.එස්. මදරසිංහ මහතා පැවසුවේ ලොතරැයි මිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් අද දිනයේ ලොතරැයි අලෙවියෙන් ඉවත් වන බව ය.




ඊට 50,000කට අධික වූ ලොතරැයි නියෝජිතයින් මෙන්ම දිවයින පුරා සියලු අලෙවිකරුවන් එක්ව සිටින බව ඔහු සඳහන් කළේය.


_නිව්ස්ෆස්ට්

තෙන්ඩුල්කාර්ගේ වාර්තාවක් කෝලි සම කරයි



ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි, සචින් තෙන්ඩුල්කාර් තැබූ වාර්තාව සම කිරීමට සමත්ව තිබෙනවා.

ඒ, එක්දින තරඟ ඉතිහාසයේ දෙවන ඉණිම්වල දී වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙසයි.

එංගලන්තයට එරෙහිව ඉන්දියාවේ පූනේහි පැවති තරඟයේ දී ශතකයක් වාර්තා කරමින් කෝලි එම වාර්තාවට හිමිකම් කීවා.



ඒ අනුව මේ වනවිට මෙම ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනාම එම වාර්තාවේ සම තැන් ගෙන ඇත්තේ ශතක 17 බැගින් රැස් කර ගනිමින්.

එම සටහනේ තුන්වන ස්ථාන හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්.

ඔහු දෙවන ඉණිම් 11 ක දී ශතක වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.